ඔන්න මම කිව්වා වගේ ම අයෙමත් අවා.............මේ තමයි කොලා සහ ලුලා කතාවේ හොදම ටික...........කියවල බලලා comment එකක් දාන්න.............!!!!
මටත් නොදෑනී මගේ හිතේ ලොකු ගෞරවයක් හා බැදීමක් මේ දරුවාට ඇතිවී තිබුනා. ජීවිතය ගැන අපි ගොඩක් මිනිස්සුන්ට නැති මානයක් හා ඉවක් බොහොම අපූරු විදිහට විග්රහ කරන්න මේ යෞවනයාට තිබුනේ නිසග හැකියාවක්. කීප වතාවක්ම වේදිකාවේ ඉදන් මම එයාට කතා කලා, අවිත් මාව හමුවන ලෙස. එයාගේ ජීවිතයට පුංචි හරි උදව්වක් කිරීමේ අරමුණක් මගේ හිතේ කොනක දගලමින් තිබුනා. ඒ ඔක්කොටම වඩා මේ කවිකාරයා කව්ඩ කියලා බලාගනීමට මට තිබුනෙ පුදුම කුතුහලයක්. ළමයෙක් දග වැඩ කලානම් පන්තිය මද්දේ හරි ක්ෂනයකින් හොයාගන්න පුලුවන් ක්‍රමවේද මට තියනවා. නමුත් මේ වගේ අව්‍යාජ කලාකාරයෙක්ව කරලියට ගන්න මං ඒවා පාවිච්චි නොකිරීමට පරිස්සම් වුනා. ඒ නිසාම මං කාලයට ඉඩ දුන්නා. පන්තියට සමුදෙන්න කිට්ටු දවසක කොඩුකාර කවියා තමන්ගෙ අන්තිම කවි පන්තිය මේ ව්හිදිහට එවලා තිබුනා.

ජීවිත දැලේ පටලුන මකුලුවෙකු වගේ
එලිවෙනකොට දුවමි Revision එකට ඔබේ
ලාබෙට පාන් කෑල්ලක් ගෙන වතුර වගේ
හොද්දක් එක්ක ගිල්ලෙමි මං අදත් උදේ
බාටා සෙරෙප්පුව උදයෙම කැඩී ගියා
කම්බි කෑල්ලෙන් සෙට් කර ක්ලාස් ගියා
මේසා දුකක් උහුලන්නේ අයිද කියා
මට හිතෙනවා පියඹන්නට ගමට මෙයා
කමිසේ දිරා ඇත ගෙයි වහලය වාගේ
කලිසම ලොකුයි ලොකු පොල් අත්තක් වාගේ
කොන්ඩෙට ජෙල් නතේ මම පොල්තෙල් ගෑවේ
අගල් පහේ රොටියක් මං රෑ කෑවේ
කොල්ලන් කොකා කෝලා බොන විවේකයේ
කෙල්ලන් කිරි පැකට් උර උර මුකුලු කලේ
අල්ලන් තඩි සයිස් ලූලෙක් බදුලු ඔයේ
කන්නට තරම් බඩගින්දර මෙමට තියේ
මේ රට හදන හැටි රසකර කියන විට
මට ඈණුම් ගියා බඩගිනි වැඩිකමට
අරගෙන ළමයි මැද්දෙන් වේදිකවට
මතකද දෙකක් දුන්නා මගෙ පිට මැදට
ආසයි කිව්වා නේදෝ අදුනාගන්න
දැන් සතුටුදෝ කළ දේ ගැන මට ඔන්න
තරහ නැතේ ගුරුතුම මේ අහගන්න
නුඹ බුදුවෙනව සත්තයි යම් මතු දිනෙක
මේ අන්තිම ලියුම යාලුවෙකුට දීලා
අද රෑ බදුලු යන්නෙමි මම සමුදීලා
නුඹෙ පා පුදන්නට බැහැ හිත හිරවීලා
අම්මට අන්තිමයි යමි හනිකට දුවලා
කවිය කියෙව්වට පස්සේ මුලු පන්තියම මොහොතක් ගල්ගැසුනා...දෙවියනේ..............ඒ ඔයාද?
මුලු පන්තියම ඒ විදිහට අහන්න ඇති. මගේ හිත වේදනාවෙන් බර වුනා. නමුත් මං ප්‍රමාද වඩියි. කෝඩුකාර කවියා අපි ඔක්කෝටම හොරා ගම රට ගිහින් ඉවරයි. ජීවිතය ගැන වටිනා පාඩම් ඉගැන්වූ මං, ඔහුගෙන් ජීවිතය ගන අපූරු පාඩමක් ඉගෙන ගත්තා.
මං කෝඩුකාර කවියා තමත් හොයනවා. නමුත් එයා දැන් මේ ලියන මොහොත වන විට ආරංචියක් නෑ. ලිපිගොනු වලත් ඒ විදිහේ ලිපිනයක් නෑ. "එහෙම තමයි සර් ශ්‍රෙෂ්ඨ කවියෝ. ඒ ගොල්ලන් හරි නිහඩයි. නමුත් සදාකාලිකයි." පන්තියේ දරුවෝ කිහිප දෙනෙක් මට කිව්වේ හරියට මගේ හිත කියවලා වගේ.