Tuesday, January 17, 2012

කෝලා සහ ලූලා.... 1


හැමෝටම සුභ දවසක් ප්‍රර්තනා කරනවා..........ගොඩක් කට්ටිය හිතන්න අත්තෙ පට්ට කත blog එක posts දෙකකින් වැහිල ගියා කියල වෙන්න අති.එහෙම වෙන්න හේතුව දැන් අවුරුද්දක් තිස්සේ ඉදලා මමත් මගේ යලුවො ටික දෙනෙකුත් අපෙ ඉස්කෝලේ ටිකක් ලොකු musical show එකක් කරන්න මැරුණ නිසා.බොරු කියන්න ඕනේ නෑ, මෙච්චර කාලයක් වැඩ කලත් අන්තිමට අහන්න ලැබුනේ මම මුකුත්ම කරලා නෑ කියල, මහා අසාධාරණ කතාවක් තමයි.මොනවා කරන්නද?.................එක ටිකක් දිග කතාවක්.............මම ඒ කතාව පස්සේ කියන්නම්..........................

මම දැන් කියන්න හදන්නේ මගේ
Accounts class එකෙන් දවසක් මට දුන්න පුංචි සගරාවක තිබුන ටිකක් හිත උණු වෙන කතාවක් ගැනයි. ඇත්තම කියනවනම් මේ කතාව කියන්නේ නුගේගොඩ සැසිප් අධ්‍යාපන ආයතනයේ පන්ති කරන අමිත් පුස්සැල්ල සර් තමයි. මෙන්න මෙහෙමයි කතාව.......

උපුටා ගැනීම :- ප්‍රචාරනාත්මක සගරාව - සැසිප් අධ්‍යාපන ආයතනය
කතෘ :- අමිත් පුස්සැල්ල (කලමනාකර අධ්‍යක්ෂ - සැසිප් අධ්‍යාපන ආයතනය)

අවුරුදු 15 ක ටියුෂන් ජීවිතයේ අත්දැකීම් ගොන්න එකතු කරලා ඒවා අතරින් සුන්දර ඒවා DVD ගතකලොත් මගේ රාක්කය ලෝකයේ ලස්සනම films වලින් පිරේවි කියල මට හිතෙනවා. හැබැයි ඒ ඔක්කොම පිටපත් වල අය්තිකාරයෝ මේ රටේ දරු පරපුර. මම producer විතරයි. කෙනෙක් ඇවිත් මඒ කිව්වොත් ඒ films වලින් ලස්සනම එකක් play  කරන්න කියල, මම ලොකු අමාරුවක වැටෙනවා සත්තයි. මොකද ඒවා ඔක්කොම ඒ තරම් ම කලාත්මක සංවේදී වගේම හොද ගැබුරක් තියන කතා කියල මට දැනෙන නිසා. මං ඒ වචන ටික කිව්වේ මගෙන් ඉගෙන ගත්ත දරු පරපුර ගැන ලොකු අභිමානයකින්, ආදරයකින්.

හැබැයි මේ ගොඩක් films වල physics ‌නැහැ. තියෙන්නේ life. මේ වගේ වෙලාවක අමාරුවෙන් හරි තෝරගත්ත එක film එකක් තියේවි. මං ඒ film එකට ගොඩක් ආදරය කරනවා. ගරු කරනවා.

කෝඩුකාර කවියා කියන්නේ මගේ එක්තරා පන්තියක හිටපු මා ආදරය කළ අපුරු කවිකාර දරුවා. මම ඒ දරුවාව දැක්කේ එකක්ම එක දවසයි. එත් නොසිතු වෙලාවක. හැබයි ඒ කෝඩුකාර කවියා බව මම දැනගත්තේ තවත් බොහෝ කලයකට පස්සේ. එයා පන්තියට එවන කවි පන්තිය මැද්දේ ඔක්කොම ලමයින්ට ඇහෙන්න මම පුළුවන් විදියට කියෙව්වේ, දරුවන්ට ඉගෙන ගන්න ලොකු ජීවිත පණිවිඩයක් ඒ කවි වල තිබුන නිසා. දරුවෝ ඒ කවි හරි අපුරුවට අහගෙන හිටියා. හැරියට සාහිත්‍ය පාදමකට සමවදිල වගේ. සමහර කවි කියවද්දි ගොඩක් දරුවන්ගෙ ඇස් අග තෙත් වෙනව දකිද්දි කෝඩුකාර කවියා විතරක් සතුටු වෙන්න අති කියල මට හිතුනා. ඒ අපි හැමෝම එයගේ ජීවිතයට අහුන්කම් දීම නිසා. මෙවායේ එලිසමය, විරිත ගන මහා ගඹුරට නොසිතුවත් අපි ඔක්කොම එවයින් අපූරු ආස්වාදයක් ලැබුවා. සන්දෙශ පරපුරෙ දරුවන්ට කවි ලියන්න අලුතෙන් උගන්වන්න ඕනෑ නෑ තමයි. නමුත් ඔක්කොම යන්ත්‍ර සුත්‍ර වෙච්ච යුගයක දහඩිය වල සුවදට ජීවිතයට  සුවදට ඉවත්කරන මිනිසුන් සීටීමත් සතුටක්. ඒ නිසාම කෝඩුකාර කවියාගේ නිර්මාන තවමත් මා ලග සුරකිව තියනවා. ඔහු අම්මා ගැන ලියා එවූ කවිය තවමත් මගේ හිත කම්පනය කරන තරම්....................

හීතල වතුර කේතලයක නටන විට
අම්මගෙ කඩුලු සිහිවී බොදවෙවි පොත
තුන්තිස් පැයේ ලිප ලග දුම් කකා මට
ඇයි ඇස් පාදුවේ මේ වගේ අඩන්නට

ලොදිය කදුලු රහසෙම රෙඩි පටින් පිස
මගෙ පොත් මේසයට රෑ මද එබෙන විට
අම්මේ නුඹයි මා දුටු ලස්සනම සද
බිරිදක් එපා මට වසුමට එපුන් සද

රෙදිපට නුඹේ ඩියවුනු පරඩැලක් වගේ
මගෙ හිත හඩවතේ නෙත ගගුලක් වාගේ
හෙමිහිට ඔලුව අතගා ආදරෙන් හිතේ
මට බුදුසරණ පතපන් ලග නැතත් අනේ

මඩුරුවො තල තලා රෑ මැද පොත් බලමි
නුඹේ රස කහට හීනෙන් තලු මරා බොමි
බදුලු කොච්චියේ හඩ හීනෙන් අසමී
මගෙ අම්මා කියා මහපොලොවට වදිමී

වැලි කොස් ඇට, තලප නුඹ නිතරම හදන
මගෙ සුදු පුතේ කාපන් කියමින් බෙදන
රුපියල් හැටේ බත් එකකින් දිවි ගෙවන
නැහැ මට සැපක් මේ නගරයෙ නුඹ විතර

දිනපතා කවි ඒවන මෙ අපූරු පුද්ගලයාට පන්තියේ දරුවෝ ඔක්කොම බැදිල හිටියා. දහස් ගානක් ලමයි රොත්තක් අස්සේ සගවිලා ඉන්න මේ කවි පුතාව වෙදිකාවට ගන්න මට ලොකු ඕනෑකමක්  තිබුනා...............

මේ කතාවේ හොදම ටික දැන් තමයි පටන් ගන්නේ.............පොඩි අව්ලක් තියනව..........තාත්ත කෑ ගහනව PC එක off කරන්න කියල............මේ කතාවේ ඉතුරු ටිකත් මම පුලුවන් ඉක්මනටම post කරන්නම්...............එතකන් ඔයාලට සුබ දවසක්.......!!!!!

No comments:

Post a Comment